‘අන්තවාදීන් ආණ්ඩු පෙරළන්න හදනවා‘


මේ රටේ සිටින අන්තවාදීන්ට උතුරට එන්න යැයි තමා ආරාධනා කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද යාපනයේ දී පැවසීය.

‘මේ රටේ සාමය,සංහිඳියාව ඇති කිරීම සඳහා අප රජය කරගෙන යන වැඩපිළිවෙල සමග උගතුන්,බුද්ධිමතුන් සමග බහුතරයක් පොදු ජනතාව අප සමග එක්වී සිටිනවා.එහෙත් මේ වැඩපිළිවෙල තේරුම් ගැනීමට නොහැකි සුලු පිරිසක් මේ රටේ සිටිනවා.අපි මේ ලබාදීලා තියෙන කථාකිරිමේ,ලිවීමේ නිදහස උපයෝගි කරගෙන කොළඹ ශාලාවක් ඇතුලේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ඕන කෙනෙකුට විවේචනය කරන්න පුලුවන්.ඒ නිදහස සෑම විටම භාවිතා කළ යුත්තේ මේ රටේ ජාතික සමගිය හා සංහිඳියාව රැකගැනීම සඳහායි.

අපේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව බිඳ වැටිලා, එල්ටිටීඊයට ඔලුව උස්සන්න ඉඩ දෙනවයි කියන මේ රටේ අන්තවාදීන්ට මම ආරාධනා කරනවා විශේෂයෙන්ම උතුරට ඇවිල්ලා උතුරේ ජනතාව හමු වෙන්නැයි කියලා. ඒගොල්ලොන්ට කොළඹ ශාලාවක් ඇතුළට වෙලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියන්න එච්චර වියදම් යන්නේ නෑ. ඒගොල්ලන්ට කොළඹ ඉඳලා උතුරට එන්න ඕනේ නම් තෙල්,පෙට්‍රල් දෙන්නත් මට පුලුවන්.ඒගොල්ලන්ට උතුර බලන්න ඕනේ නම් කොළඹ ඉඳලා එන්න මට වාහන දෙන්නත් පුලුවන්.

මං ඒගොල්ලන්ට කියනවා ඇවිල්ලා අවුරුදු 25ක් තිස්සේ අවැතැන් වෙලා ඉන්න උතුරේ ජනතාව හමු වෙන්න කියලා.
ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුව තුළ නෙමේ.ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය තියෙන්නේ අවුරුදු 25කට වැඩිය අවතැන් වෙලා ඉන්න උතුරේ ජනතාවගේ ප්‍රශ්නය තුළයි කියන එක විශේෂයෙන් මං සඳහන් කර සිටිනවා.‘‘

1414702_704046679732934_437454701_n 10681902_704046609732941_1654448584_n 12399512_703966943074241_471339674_n 12404122_704046616399607_1532959934_n 12404317_704046626399606_589309707_n