‘අනතුරෙන් පසු දෙවැනි උපත සිදු වුණා‘


ලබන 20 වැනි දා සිට නැවත දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් පාදයක කොටසක් අහිමිවූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කියයි.

‘කෘත්‍රිම පාදයක් දාන්න මා ගාව සල්ලි නෑ. ඒ වුණාට මට ගොඩක්   අය ආධාර කරන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා ඇමෙරිකාවේ සමාගමක් එක්ක කතා කළා.  කකුලක් සඳහා දසලක්ෂ හැට පන්දහසක් පමණ යනවා කියා කිව්වා. මට සල්ලි නැති වුණත් ගොඩක් අය උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා.

‘මම නැවත ඉපදුණා. නැවත ඉපදිච්චි ජවයත් එක්ක මං සමාජ මෙහෙවර පටන් ගන්නවා. බොහෝ දෙනෙක් වචනයෙන් පවා ඉන්මන් සුවය පැතුවා. බෝධි පූජා කළා, දේව කන්නලව් කළා.  ඒ ශක්තිය දිනෙන් දින මට ලැබෙනවා.  ඒ සියලු දෙනාට මා ස්තුති වන්ත වෙනවා. ‘