‘අනඟ රජා කතුන් 10 ක් අමාරුවේ දාලා‘


ව්‍යාජ නම්වලින් පුවත්පත්වල මංගල දැන්වීම් පළකර කාන්තාවන් දහයකට වැඩි ප‍්‍රමාණයක් රවටා ඔවුන් තානායම්වලට රැගෙන ගොස් අතවර කර රුපියල් ලක්ෂ 20 කට වැඩි රන් භාණ්ඩ වංචා කර අධිකරණය මඟ හැර සැඟවී සිටි බව කියන අනංගයෙක් පොලිස් අත් අඩගුවට පත්විය.

මාතලේ අලුවිහාරේ ප‍්‍රදේශයේ  පදිංචි මෙම සැකකරු විවිධ ව්‍යාජ නම්වලින් පුවත්පත්වල මංගල දැන්වීම් පළ කර වැන්දඹු හා සැමියන් අතහැර ගිය කාන්තාවන් මුලා කර මෙලෙස අතවර කර රන් භාණ්ඩද වංචා කැර ඇතැයි පොලීසිය කියයි.

මොහුට විරුද්ධව දිවයිනේ අධිකරණ කිහිපයට නඩු 10 කට වඩා පවතින බවත් එම සියලූ නඩු මඟ හැර බෙලිඅත්ත ප‍්‍රදේශයේ  සැඟව සිටියදී බෙලිඅත්ත පොලීසියෙන් අත් අඩංගුවට ගෙන කටුගස්තොට පොලීසියට භාර දී ඇති බවත් දැනගන්න