රටට නව සංවර්ධන මොඩලයක හා නව ආහාර සංස්කෘතියක අවශ්‍යතාව මතුව ඇතැයි අතුරලියේ රතන හිමියෝ අද (03) උපායමාර්ග ව්‍යවසාය කළමනාකරණ ආයතන ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූහ.
රටට අවශ්‍ය ආහාර රට තුළම නිෂ්පාදනය කරගැනීමට හැකි නම් අපට ස්වාධීන රටක් බවට පත්වීමේ හැකියාව ඇතැයි ද රතන හිමියෝ එහිදි කීහ.
‘අපේ රට හුඟාක් ලස්සන රටක්. මේ රට අධික නාගරික රටක් බවට පත්කිරීම සංවර්ධනය කියා හඳුනාගත්තා. අද තායිලන්තය තියෙන තැනට අපේ රට ගේන්න තිබ්බා. හැබැයි විජේවීර හා ප‍්‍රභාකරන් නිසා අපට එය කරගන්න බැරිවුණා. එක අතකට එය යහපත් දෙයක්. වීජේවීර හා ප‍්‍රභාකරන් හොඳයි කියනවා නෙමෙයි. අපි සංවර්ධනයේ මිරිඟුවට හසු වුණේ නැහැ. අද තායිලන්තය තුළ විශාල දේශපාලන අර්බුද ඇතිවෙලා. පරිසර දූෂණය, ගංඟා ඇළදොළ දූෂණය වීම අතින් තායිලන්තයේ බැංකොක් නුවර ඉදිරියෙන් සිටිනවා. ඒ රටේ ගමත් නගරයත් අතර විසංවාදයක් ඇතිවෙලා. අපේ කොළඹ නගරය පුංචි ගමක්. පසුගිය කාලයේ කොළඹත් ඉවක් බවක් නැතිව සංවර්ධනය වෙන්න ගත්තා. හැබැයි එය නිවැරැදි සංවර්ධනය නෙමෙයි. අහසේ ඉඳින් බැලූවාම මේ රට හරිත රටක්. හැම තැනම කොළ පාට. අද ලෝකයට කාබන් අඩුවෙන් පිට කරන රටවල් අතර අපි ඉදිරියෙන් ඉන්නවා. ලෝකය අද අලූත් සංවර්ධන මොඩලකයට ගමන් කරමින් ඉන්නවා. අපිට එය පහසුවෙන් කරන්න පුළුවන්. මෙහිදි ප‍්‍රධාන කරුණු තුනක් තිබෙනවා. අපේ ආහාර සංස්කෘතිය නිවැරැදි කරගන්න ඕනෑ.‘ යැයිද ඒ හිමියෝ පැවසූහ.


