ව්‍යාපාර කිරීමට සුදුසු රටවල් 146ක් අතරින් ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානයට පත් ව ඇතැයි ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව කියයි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විසින් උපැයෙන මුදල් හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම ස්ථානයට පත්වීමට හැකි වී ඇතැයි සඟරාව සඳහන් කරයි
දශක තුනක් පුරා පැවැති යුද්ධය අවසන් වීමෙන් මහා පරිමාණ යළි ඉදිකිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම, යුද්ධයෙන් හානියට පත් වූ ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම, කෘෂිකාර්මික නිෂ්පාදන නගා සිටුවීම ශ්‍රී ලංකාවේ ආර්ථීකයේ දැකිය හැකි යහපත් ආර්ථීක ලක්ෂණ යැයිද වාර්තාව එළි දක්වමින් එම සඟරාව සඳහන් කර ඇත.
මෙරට ආර්ථීකයේ සෘණාත්මක ලක්ෂණ ලෙස රජයේ අධික ණය බර , විශාල අයවැය හිඟය යන කරුණු පෙන්වාදෙන එම සඟරාව, පහළ බදු ආදායම් හා අති විශාල වෙළෙඳ හිඟය ශ්‍රී ලංකාවේ පසුබැසීමට ප්‍රධානතම හේතු ලෙස පෙන්වාදෙයි.
ෆෝබ්ස් සඟරාව මෙම වාර්තාවේ සකස් කර ඇත්තේ නිර්ණායක 11කට අවධානය යොමුකරමිනි. එම නිර්ණායක වනුයේ, දේපොළ හිමිකම, නවෝත්පාදනය, බදු, තාක්ෂණය, දූෂණය, නිදහස (පෞද්ගලික, වෙළෙඳ හා මූල්‍ය), නීති රෙගුලාසි, ආයෝජක ආරක්ෂාව, කොටස් වෙළෙඳ පොළේ ක්‍රියාකාරීත්වයයි.
ෆෝබ්ස් සඟරාව මෙම වාර්තාව වසර නවයක කාලයක සිට නිකුත් කරන අතර මෙවර එහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වී ඇත්තේ ඩෙන්මාර්කයයි. 2008 හා 2010 වසරවලදීද ව්‍යාපාර කිරීමට සුදුසු රටවල් අතරින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට ඩෙන්මාර්කය සමත්විය.
හොංකොං, නවසීලන්තය, අයර්ලන්තය, ස්වීඩනය, කැනඩාව, නෝර්වේ, සිංගප්පූරුව හා ස්විට්සර්ලන්තය මෙම ලැයිස්තුවේ පළමු රටවල් දහය අතර පත්වීමට සමත්ව ඇත.

