‘අද විසිල් ගහලා මිනිසුන් පාරට ගේන්න පුළුවන්‘


‘වර්තමාන පාලනය මුළු මහත් සමාජයම බරපතල නොසන්සුන්තාවයට පත්කරලා. විවිධ අංශ වල ගැටළු මතුවෙලා තිබෙනවා. අද විසිල් එක ගහලා මහා පාරට මිනිස්සු ගේන්න පුළුවන්. ඒ තරමට වර්තමාන ආණ්ඩුව රට අවුල් කර තිබෙනවා‘ යැයි පළමු පෙරමුණේ කැඳවුම්කරු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසේන විජේසිංහ මහතා අද (7) රාජගිරියේ පක්ෂ කාර්යාලයේ දී පැවැසීය.

‘ගොවියන්ට දෙන සහනාධාර වහාම වෙනස් කළ යුතුයි. ගොවියන් අතට යා යුතු මුදල් ගොවියන් අතට යන්නේ නැතිව මේක පොහොර ගෙන්වන ආයතනවලට යනවා. වර්තමාන ආණ්ඩුවේ ආර්ථික දර්ශනයේ දුගී බව අද දකින්න ලැබෙනවා‘ යැයි ද ඔහු කීවේය.

firstfront_201637