‘අද ඇත්තේ මහින්දගේ කාඩ්බෝඩ් පාලනයක්‘


දැනට ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික බස් රථ එකිනෙක ඉවත් කරමින් සුඛෝපභෝගී බස්රථ ඒ වෙනුවට යෙදවීමට සැලසුම් කරමින් සිටින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.

පොදු ප්‍රවාහන සේවා නියාමනය රජයෙන් සිදුවන බවක් නොපෙනෙන බැවින් ස්වයං නියාමනයක් වශයෙන් මේ කටයුත්තට අත ගැසූ බව ද විජේරත්න මහතා කීවේය.

වායු සමනය කරන ලද බස්රථ පවතින ගාස්තු යටතේම ධාවනය කළ හැකි බවත් එහි දී ඉලෙක්ට්‍රික් බස් රථ යෙදවීමෙන් ආදායම තුළනය කළ හැකි වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය. මෙම කටයුත්ත සඳහා කොළඹ මහා නගර සභාව සහ දීමට පොරොන්දු වී ඇති බවද ඔහු සඳහන් කළේය.

විජේරත්න මහතා මේ කීවේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (18) පැවැති මාධ්‍ය හමුවකදී ය.

‘යහපාලන ආණ්ඩුව පත්කරන්නට අපිත් දායක වුණා.  ඒත් අදටත් පවතින්නේ මහින්ද රාජපක්ෂ ඡායා පාලනයක්. ජාතික ප්‍රවාහන  කොමිසම, පළාත් කාර්යාල අටක් ඇතුළුව පැවැතුණත් කරන දෙයක් නැහැ.ඒ නිසයි අපිටම මෙහෙම ස්වයං නියාමනයක් සිදු කරන්න වුණේ. ‘