‘‘කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාප නායකයෝ නෑ. වයඹ පළාතේ අපි ඉදිකරපු පාසල් විවෘත කරන්නේ අපි, අපේ පාසල්වලට කවුරු හරි අත තිබ්බොත් විදුහල්පති නැත්නම් අධ්‍යක්ෂක ගෙදර යවනවා‘‘ යනුවෙන් වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.
හෙට්ටිපොළ පක්ෂ කාර්යාලයේදී පළාත් පාලන නියෝජිතයන්ගේ හමුවේදී එසේ කී මහ ඇමැතිවරයා ජනාධිපතිවරණයේදී ලක්ෂ දෙකකට වැඩි ඡන්දවලින් ඔවුන් දිනූ බවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාප නායකයන් නැති බවත් කීවේය.
ඔවුන් කළ සංවර්ධනය නතරවී ඇති අතර ආණ්ඩුව එක එක්කෙනාගේ කුණු එකතු කරන එක පමණක් කරන බවත් දැන් ඇත්තේ යහ පාලනයක් නොව ගව පාලනයක් බවත් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

