‘අතුරුදන්වූවන් ගැන දැනගැනීමේ අයිතියක් තියෙනවා‘


අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමට පත් කළ කොමිසමත් ඒ පිළිබඳ පත් කළ කාර්යාලයත් සම්බන්ධයෙන් මේ දිනවල විවිධ සාකච්ඡා කෙරෙන බවත් දේශප්‍රේමී සළුවට මුවාවූ පිරිස ජනතාවගේ ලේ රත් කිරීමට විවිධ දුර්මත පතුරවමින් සිටින බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘ලංකාවේ ජන සමාජයට තම පවුලේ අයකු අතුරුදන්වීම යනු ඉතා ශෝකය දනවන කරුණක්. ඔහු ජීවත්වෙනවාද? මිය ගිහින්ද? වද විඳිනවාද යන ප්‍රශ්නවලින් දුක් විඳිනවා. ඒ නිසා අතුරුදන්වූ පුද්ගලයාට වඩා පවුලේ උදවිය මැරි මැරී ජීවත් වෙනවා. පවුලේ කෙනෙක්ට කුමක්ද වූයේ යැයි දැනගැනීමේ අයිතිය තිබෙනවා.‘ යැයි ද ඔහු කීය.

අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳ කරුණු සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ පිටු 46 කින් යුත් අවසන් වාර්තාව එම කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත බාරදීමද සිදු වී ඇත.

IMG_2912