‘අත්තනායක යුඇන්පී අත්තෙම එල්ලෙන්න හදයි‘


එක්සත් ජාතික පක්ෂයේ  හිටපු මහ ලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා  පක්ෂ සාමාජිකත්වයෙන්  නෙරපීම වළක්වන ලෙස ඉල්ලමින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනිණි.

 ලබන 24- 25 යන දින දෙක අනෙක් පාර්ශවයට මූලික විරෝධය දැක්වීමටත් 26-27 යන දිනවලදී  නඩුවට අදාල කරුණු විභාග කිරීමටත්  අද උසාවියේදී  තීන්දු කළ බව අත්තනායක මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ  කළේය.

‘මම නඩුව දැම්මේ,මම හැමදාම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් නිසායි. කවදාවත් මේ පක්ෂය හැරදාලා යන්න අදහසකුත් නැහැ. අනෙක් කරුණු තමයි  පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ප්‍රථම පක්ෂය විසින්  අඩුම තරමේ මගෙන් කිසිදු  ප්‍රකාශයක්වත් ලබාගත්තේ නෑ.නිදහසට කරුණු විමසුවෙත් නෑ.අන්න ඒකයි මම මේ මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ‘

 

 

 

RDS_9310 RDS_9321