‘අත්අඩංගුවට ගන්න එපා‘ : වෙල්ගමගෙන් පෙත්සමක්


පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මාර්තු 16 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) තීන්දු කළේය.

අද එම පෙත්සම කැඳවනු ලැබුවේ අගවිනිසුරු කේ.ශ්‍රී පවන්,බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් ගෙන් යුතු  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදී ය.
එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥයින් අධිකරණයට දන්වා සිටියේ කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් කැඳවා ඇති බී වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් දීමට හැකි බවයි.

එය සලකා බැලූ අගවිනිසුරුවරයා ඇතුලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නඩුව මාර්තු 16 වනදා යළි කැඳවීමට නියෝග කළේය.