ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ පක්ෂය බවත් එහි අයිතිය කාටවත් දෙන්නට බැරි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අකුරැස්සේදී පැවසීය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ අකුරැස්ස යකාබැද්දේ පෞද්ගලික ඇඟළුම් කම්හලක් විවෘත කිරීමට පැමිණ සිටියදීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනත් පක්ෂයකින් තරග කරන්නේදැයි මාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු ලෙස ඔහු එසේ කීවේය.

