‘අඩු පීඩනය අවපාතයක් දක්වා වර්ධනය වෙයි‘


වායුගෝලයේ පැවති  අඩු පීඩන කලාපය දිවයිනට ගිනිකොන දෙසින් තවදුරටත් ස්ථාපනය වී පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියි. මෙම පද්ධතියේ බලපෑම මත දිවයිනට වැසි ලැබීමේ හැකියාව තවදුරටත්  වැඩි මට්ටමක පවතින බව සඳහන් කරයි.

විශේෂයෙන්ම නැගෙනහිර, ඌව,මධ්‍යම, උතුරු මැද  සහ වයඹ  පළාත් පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද ඇතුළුව දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි ඇති විය හැක.

ඇතැම් ස්ථාන වලට තද වැසි ( මි.මී.100 ට වැඩි) ඇතිවිය හැකිය.

දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා විටින් විට (පැ.කි.මී. 60-80 පමණ දක්වා) තද සුළං ඇතිවිය හැක.

 

පෙරවරු 5.30ට

වායුගෝලයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාවේ ගිනිකොණදිග වෙරළ තීරයට ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසයි.

එය දිවයිනට ඉතා ආසන්නව ගමන්කරන අතර අද දිනයේදී දිවයිනේ බොහෝ පළාත් වල ඉතා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එමනිසා මුහුදු යාමෙන් සහ ඉහත වෙරළේ ගැවසීමෙන් වැලකි සිටින ලෙස තරයේ ඉල්ලා සිටින අතර ඉහත වෙරළ අශ්‍රිතව ජිවත්වන ජනතාවගෙන් මේ පිළිබදව විමසිලිමත්ව සිටින ලෙස ඉල්ලා සිටි.

දිවයිනේ බොහෝ පළාත් වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අහස වළාකුළින් බරව පවතී.  ඇතැම් ස්ථාන වලට ඉතා තද වැසි ( මි.මී.150 ට වැඩි) ඇතිවිය හැකිය.

දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා විටින් විට (පැ.කි.මී. 60 පමණ දක්වා) තද සුළං ඇතිවිය හැක.

පුත්තලම සිට ගාල්ල සහ පොතුවිල් හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ. කි. මී. 80 පමණ දක්වා පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක ඉතා රළු සහ අනතුරුදායක වේ.

අද උදැසන 05.30 අවසන් වූ පැය 21 තුල ප්‍රධාන කාලගුණ මධ්‍යස්ථාන වල වාර්තාවූ සැලකිය යුතු වර්ෂාපතනයන්: පොතුවිල් - මිමි 264.3, මොණරාගල - මිමි 133.3 සහ බණ්ඩාරවෙල - මිමි 125.8

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Department of Meteorology)