‘අඩු පඩියට වහල් වැඩ බෑ‘


කටුනායක ගුවන්තොටුපළ පිරිසිදුකරන කොන්ත්‍රාත් සමාගමක සේවකයන් සිය අඩු පඩියට එරෙහිව අද (20) වැඩට නොපැමිණි බව ගුවන්තොට ආරංචි කියයි.

වෙනත් සමාගමක සේවකයන් යොදා වැඩ පිරිමසා ගත් බව දැනගන්නට ඇත. අද උදේ 9 වැඩමුරයට සේවකයන් 90 දෙනකු නොපැමිණි බව කියති. ඔවුන් පවසනුයේ එක් අයකුට දිනකට ලැබෙන වැටුප රුපියල් 235ක් බවයි. එම වැටුප දෙවරකදී ගැනීම සඳහා දින 26 ක් වැඩට පැමිණිය යුතු බවත් ඔවුහු කියති.