අග්‍රවිනිශ්චයකාරවරයා පිළිබඳ කඩිනම් තීරණයකට එළැඹිය යුතු බවත්, විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමත්, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු දින සියයේ වැඩපිළිවෙළ ජාතික විධායක සභාවෙන් අධීක්ෂණය කෙරෙන බව ජනතා විමුක්ති පෙරමුණු නායක සහ ජාතික විධායක සභාවේ සාමාජික අනුර කුමාර දිසානායක මහතා කියයි.
‘‘තොරතුරු දැන ගැනීමේ පනත ඉක්මනින් නීතියක් බවට පත් කිරීම, පසුගිය කාලයේ සිදුවූ ඝාතන, පැහැරගැනීම්, අතුරුදන්වීම් ඇතුළු අපරාධ ගණනාවක අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට විශේෂ ඒකකයක් පිහිටුවීම, ජනතාවට සහන ලබාදීමට අතුරු අය වැයක් ඉදිරිපත් කිරීම හා දින සියයේ වැඩපිළිවෙළ අධීක්ෂණය කරමින් ඉදිරියට ගෙන යනවා‘‘

