‘අගමැති හිතුවක්කාරයි : හිටපු ජනපති ප්‍රජාතන්ත්‍රවාදීයි‘


අග‍්‍රාමාත්‍යවරයා වර්තමානයේදී හිතුවක්කාරී ලෙස කටයුතු කළද මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ ආණ්ඩුව සෑම විටම ජනතාවට කන්දුන් බවත් ජනතාවට කන්දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කරමින් පාලනය ගෙන ගිය බවත් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (16)  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලවේ දී පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත "අභිරහස් ආයෝජන සහ මුදල් විශුද්ධිකරණය" කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී පැවැසීය.

සෝභිත හිමි, අමාත්‍ය පාඨලී චම්පික රණවක හා උදය ගම්මන්පිල මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් සීපා ගිවිසුමට අත්සන් නොකර පෙර ආණ්ඩුව ජනතාවට කන් දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කළ බව ද ජී.එල්. පීරිස් මහතා පැවැසීය.

_DSC0455 _DSC0502 _DSC0535 _DSC0544