‘අගමැති ඉවත් කළොත් කැබිනට් මණ්ඩලය අහෝසියි‘


ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස් විසින් ප්‍රකාශයට පත් කරන තුරු ජනාධිපති මැතිවරණ පනත ක්‍රියාත්මක වන බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා කියයි.

අවසන් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ පසු වත්මන් ජනපතිගේ ධුර කාලය අවසන් වන බවත්, ඉන් පසු ආණ්ඩු ක්‍රව ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතු බවත් ඔහු පවසයි.

ජනපති ලෙස තේරී පත්වූ පුද්ගලයා දෙසතියක් ඇතුළත අගවිනිසුරු හෝ ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු යටතේ දිවුම් දීමෙන් පසු ධුර කාලය ඇරැඹෙන බවත් සිල්වා මහතා පවසයි.

අලුතින් පත්වන ජනාධිපති අගමැතිවරයා ඉවත් කිරීමෙන් සම්පූර්ණ කැබිනට් මණ්ඩලයම විසිරැවෙන බවත් ඔහු කියයි.