‘අකුණක් ගැහුවා වගේ අහුණා :මාත් ඇඳ වැටුණා’


‘බෝම්බයක්  නැත්තන් අකුණක් ගහනවා වගේ මහ වගේ හඩක් ඇහුණා.ඒ සමඟම මම ආසනයේ උඩුබෙළි අතට වුටුණා.’යැයි පොල්ගහවෙළ ලංකාදීප මාධ්‍යවේදී ජේ ඒ  විජේසිංහ කියයි.

ඔහු දැයට කිරුළේ දුම්රියෙන් පොල්ගහවෙල සිට වව්නියාවේ යම්න් සිටියේය .‘

අද උදේ දුම්රිය පරක්කු වුණා යාල් දේවීයේ යන්නයි මා ආවේ .එය වේයන්ගොඩදී කැඩිලා. උදේ අටට පොල්ගහවෙල ට එන්න ඕනෑ දුම්රිය ආවේ 8.20 ට.ඒ ආවේ දැයට කිරුළයි.

පොතුහැර හරියේදී  අප සිටි දුම්රිය දෙපැත්තට පැද්දුණා.ඒ දුම්රිය වෙනදා යන්නෙත් හරි වේගයෙන් .මාත් හිතුවා ඉක්මනට වව්නියා යන්න පුළුවන් වෙයි කියලා.උඩුබෙළි අතට වුටුණු මාගේ දණ හිස පොඩ්ඩක් සීරුණා. වෙන අමාරුවක් නෑ.මා මෙන් තවත් අය වැටී සිටියාතමම නැගිට්ටා.වට පිට බැලුවා.අපි ආ දුම්රිය තවත් දුම්රියක හැප්පිලා.බිම වැටුණු පුංචි ළමයින් කිහිප දෙනකු නැගිට වීමට උදව් කළා.මට වුණේ කුමක්දැයි හිතා ගන්නත් බැරි වුණා.පියවි තත්ත්වය එන්න ටික වේලාවක් ගත වුණා.‘