‘49දීත් ජාතික ගීය දෙමළ බසින් ගැයුවා‘


ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම අලුත් දෙයක් නොවන බවත්,   1949 වසරේදී ද ජාතික ගීය දෙමළ බසින් ගායනා කර ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් සදහන් කරයි.

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සම්බන්දයෙන් ප්‍රකාශයක් සිදුකරමින් හෙතෙම මේ බව සදහන් කළේය.

68 වැනි ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම පිළිබද පුදුමයට පත් වූ බවත්, මෙලෙස ජාතික ගීය දමිල බසින් ගැයීම නොකඩවා සිදුකරන ලෙස ඉල්ලන බවත්, එයින් රටේ ජනතාවටත්‍  ආණ්ඩුවටත් යහපතක්ම වන බවත් සම්බධන් මහතා පැවසීය.