ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 දීත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටත් විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගෙන යෑමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය අඟහරුවාදා පැවැති සතිපතා හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 වසර සඳහා සිය සැලසුම් ද ඉදිරිපත් කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) සිය ජනාධිධුරයේ දෙවැනි වසර අවසන් කළ අතර සඳුදා (9) තුන්වැනි වසර ආරම්භ කරයි.
- 0216

