‘20 නැතුව පාර්ලිමේන්තුව නොවිසුරුවයි‘


මැතිවරණ සංශෝධන සම්මත කරන තුරු පාර්ලිමේන්තුව නොවිසුරුවන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති පක්ෂ නායක හමුවේදී පැවසීයයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා කියයි.

තමන් පිළිගන්නා සංශෝධනද සහිතව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට පක්ෂ නායකයන් එකඟවූ බවද ඔහු කියයි.

පාර්ලිමේන්තුව අද (20) උදේ රැස්විය.