‘20 නැත්නම් 19 බල රහිතයි‘


19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර මැතිවරණ ක්‍රමය වෙනස් කරන තුරු ඊයේ (28) සම්මත කර ගත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්පූර්ණ නොවන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද කඩිනමින් සම්මත කරගත යුතු බව කී අමාත්‍යවරයා ඉන්පසු ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය නිමා කර රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා පියවර ගත යුතු බවද සඳහන් කළේය.

එබැවින් 20 වැනි සංශෝධනයෙන් පසු මැතිවරණය පවත්වා රටේ ආර්ථිකය දියුණු කළ හැකි පිරිසකට රට භාරදිය යුතු බවද ඇමති පැවසුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේදී ඇති වු දේශපාලන සම්මුතිය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවද රණවක මහතා කිවේය.