මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට විරුද්ධව කටයුතු කරන්නේ මැතිවරණවලදී තමන්ගේ ඡන්ද කුට්ටිය වෙන්දේසි කර රජුන් තනන්නන් බවට පත් වීමට උත්සාහා කරන අය බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් ඉදිරිපත් කර ඇති නව මැතිවරණ ක්‍රමයෙන් කිසිඳු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට අසාධාරණයක් නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී 19 වැනි හා 20 වැනි ව්‍යවස්ථා සංශෝධන සම්මත කැර ගැනීම සඳහා ජාතික හෙළ උරුමය සහාය දෙන බව කී අමාත්‍යවරයා එයට සහාය දෙන ලෙස අනිකුත් පක්ෂ වලින් හා සියලු මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලා සිටියේය.
එය සම්මත වීමට බාධා කරන්නන් ජනතා ද්‍රෝහීන් ලෙස ඉතිහාසයට එක්වනු ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුයේ බත්තරමුල්ල ,පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළඋරුම ප්‍රධාන කාර්යාලයයේදී අද (26) පෙරවරුවේ පැවැති මාධ්‍ය
හමුවක් අමතමිනි.


