ජාතික ගීය ප්‍රාදේශිය වශයෙන් දෙමළ භාෂාව කථා කරන ජනයාට තේරෙන පරිදි දෙමළ බසින් ගැයීම ප්‍රශ්නයක් නොවන බවත්, ජාතික උත්සවයකදී අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි සිංහල භාෂාවෙන් පළමුව ගායනා කළ යුතු බවත් ජාතික හෙළ උරුමයේ මහ ලේකම් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ස්වාධීන රූපවාහිනියේ සාකච්ඡාවකට එක්වෙමින් කීවේය.
19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ 15 වැනිදා තීරණය කළ දේ ගැසට් නිවේදනයේ 13 වැනිදා ගත් තීරණයක් ලෙස කුමන්ත්‍රණයකින්, වරදකින්, අතපසුවීමකින් හෝ නොහැකියාවකින් වෙනස් වී ඇති බවත් එහි ආණ්ඩුවේ නායකයා ජනාධිපති ලෙසත් තවත් තැනක ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ නායකයා අගමැති ලෙසත් තිබීම ව්‍යවස්ථා විගඩමක් බව ඔහු පැවසීය.
මහින්ද රාජපක්ෂ දේශමාමක පුද්ගලයෙක්, රට බේරාගත් නායකයෙක් යැයි පැවසීම ලෝක විහිළුවක් බවද චම්පික මහතා එහිදී පැවසීය. උපුල් ශාන්ත සන්නස්ගල වැඩසටහන මෙහෙයවීය.
වීඩියෝ දර්ශන ස්වාධීන රූපවාහිනිය අනුග්‍රහයෙනි.

