‘19 වගන්ති කිහිපයකට ජනමත විචාරණයක් ඕනෑ‘


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති බලතල සංශෝධනය සඳහාවන 19 වැනි සංශෝධනයට එරෙහිව සංවිධාන හා මහජනයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් අනුව එම සංශෝධනය එලෙසින්ම සම්මත කරගන්නේ නම් ජනමත විචාරණයකට යායුතු බවට උපදෙස් දී ඇත.

කථානායක චමල් රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පැවසූයේ අගවිනිසුරු ශ්‍රී පවන් ඇතුළු ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය එහි වගන්ති කිහිපයක් ගැටළු සහගත බවත් ඒ සඳහා ජනමත විචාරණයකට යායුතු බවත්ය.

සෙසු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාවට දැන්වූයේ ජනමත විචාරණයකට යායුතු වගන්ති ඉවත් කරන බවයි. මේ මොහොතේ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක්ද කැඳවා ඇත.