‘19 පස්සා දොර වහනවා‘ - ජී.ඇල්


ජනතාවගෙන් තොරතුරු වසන්කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීම රටේ උත්තරීතර නීතියට පටහැනිව කටයුතු කිරීමක් බවත්, එබැවින් යෝජිත ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 9 සහ 10 දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම වැළැක්වීමට විරුද්ධ පක්ෂය හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව හිටපු විදේශ අමාත්‍ය සන්ධාන මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් ලංකාදීපයේ එසැණට පැවසීය.

යම් කිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන්නේ නම් එය සිදුකළ යුතු ක්‍රමවේදය පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව තිබියදී රටේ ජනතාවට ඒ පිළිබඳ තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලිය දිගින් දිගටම වසන් කෙරුණහොත් අලුත් ව්‍යවස්ථා සංශෝධනයේ නීත්‍යනුකූලතාවය ගැන ප්‍රශ්න නැගෙනු ඇතැයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.