19 වැනි ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු පරස්පර බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුව අද (1) ඩාලි පාර පක්ෂ මූලස්ථානයේදී පැවති අවස්ථාවේ පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා කීවේය.
‘එක් තැනක රජයේ ප්‍රධානියාත් ආණ්ඩුවේ ප්‍රධානියාත් ජනාධිපති කියලා කියනවා. ඒකෙම 8 වැනි වගන්තියේ තියෙනවා අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා කියලා. මේ ගැන සාකච්ඡා කර ඉදිරි සංශෝධනයක් කරන්න බලාපොරොත්තු වෙනවා.‘

