19 වැනි සංශෝධන විවාදය අරඹමින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ අද ඉතා වැදගත් දිනයක් බවයි. මහජනතාවගේ පරමාධිපත්‍ය සුරකින විශේෂ දිනයක් අද එළඹිලා.
මහජන ඕනෑ එපාකම් අනුව අද ව්‍යුහාත්මක වෙනසක් සිදුවෙනවා. 19 ගැන අප වරක් විරුද්ධ වෙමින් තවත් වරක් අපේ මත දක්වමින් කරුණු දක්වා සිටියේ එය ඉතා හොඳට ඉදිරිපත් කිරීම සඳහායි.
එසේ නොමැතිව ඊට විරුද්ධවීමට නොවේ. 19 මගින් ඇතැමුන් වීරයන් වෙන්න හදනවා. එක්කෙනකුට දෙන්නකුට වීරයන් වීමට නොහැකියි. අපි කවුරුත් වීරයෝ. අපි සියලු දෙනාම වීරයෝ. මේ පනතට අපි සහයෝගය දෙනවා.

