තම රජය 19 වැනි සංශෝධනය ගෙනැවිත් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කරන බවත් 17 වැනි සංශෝධනය ඉවත් කර 18 වැනි සංශෝධනය සම්මත කරගැනීමේ ප්‍රතිඵල ජනතාවට දැන් විඳීමට සිදුව ඇතැයිද ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා බෙන්තර ඇල්පිටියේදී පැවසීය.
‘මේ රටේ පවතින දේවල් කරපු , අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය සංශෝධන කරපු පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂය රට පැත්තෙන් හිතලා ගත යුතු තීරණ ගැනීමට මූලික එකඟතාවයන්ට දැනටමත් ඇවිල්ලා තියෙනවා‘ යැයිද කරුණාතිලක මහතා කීවේය.

