‘16 වැනිදා පාර්ලිමේන්තුවේදී බහුතරය පරීක්ෂා කරන්නේ නැහැ’


(ඩයනා උදයංගනී)

           

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය එළඹෙන 16 වැනි දා උත්සවාකාරයෙන් ආරම්භ කරන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවසීය.

නිල වශයෙන් පාර්ලිමේන්තුව ආරම්භ කරන එදින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

එදින සිදුවන්නේ පාර්ලිමේන්තුව නිල වශයෙන් ආරම්භ කිරීමක් පමණක් බව කී ඇමති මහින්ද සමරසිංහ මහතා පනත් හෝ වෙනත් දේ ඉදිරිපත් වන්නේවත් බහුතරය පරීක්‍ෂා කිරීමක්වත් එදින සිදුනොවන බව ද කීවේය.