(විනීතා එම් ගමගේ)
විජයකලා මහේෂ්වරන්ගේ සාපරාධී ප‍්‍රකාශය සහ එල්.ටී.ටි ය යළි ප‍්‍රවර්ධනය කිරීමේ ප‍්‍රයත්නයට විරුද්ධව ඉහළ අධිකරණය හමුවේ නෛතික ක‍්‍රියාමාර්ගයන් ගැනීමට බලාපොරොත්තු වන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් තුෂාර දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
ඇප ගැනීමේ කලාව අලූත් කලාවක් කළ විජයකලාගේ සිද්ධිය ලංකාවේ බලපැවැත්වෙන සියලූම නෛතික සිද්ධාන්ත උඩු යටිකුරු කළ බව ද හෙතෙම කියා සිටියේය.
මේ නීතිය නැවිල්ලට අධිකරණය කිසිසේත් වගකිව යුතු නොවන බවත් අධිකරණය ක‍්‍රියාකරන්නේ අධිකරණයට ඉදිරිපත් වන කරුණු මත බවත් පැවසූ දිසානායක මහතා තිස්ස අත්තනායකට දිගන සිද්ධියේ සැකකරුවන්ටල ආණ්ඩු විරෝධී පාර්ශවයන් දඩයම් කරන්නට පමණක් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත මර උගුලක් කර ගන්නේ ඇයි දැයි ශ‍්‍රී ලංකා පොලීසියෙනුත් නීතිපති දෙපාර්තමේන්තුවෙනුත් විමසන බව ද ප‍්‍රකාශ කළේය.
ඇප ලබා දීමේ ශ‍්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ කලූ ඩිෆෙන්ඩරයකින් තරුණයෙක් පැහැර ගත් හිරුණිකා මන්ත‍්‍රීනිය වන බවත් ඒ වාර්තාව කඩා අලූත් වාර්තාවක් පිහිටවන්නට විජයකලා මන්ත‍්‍රීතුමිය දක්ෂ වු බවත් කී දිසානායක මහතා කෝටි දෙකක් මගනැගුමෙන් සල්ලි වංචා කළා යැයි පොලීසිය අධිකරණයට කරුණු වාර්ථා කොට තිබෙන බැවින් හිරුණිකා මන්ත‍්‍රීතුමිය විජයකලා මන්ත‍්‍රිතුමියගේ වාර්තාව ඉක්මනින්ම කඩා ඇප ලබා ගැනීමේ ශ‍්‍රී ලංකා වාර්තාව යළි තමන් සතු කර ගනීදැයි ජනතාව බලාගෙන සිටින බව ද කියා සිටියේය.
කෙසේ වෙතත් තවදුරටත් අධිකරණය ගැන ඉතා ගෞරවයෙන් යුක්තිය ඉටු වේ යැයි බලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.
2018.07.02 වන දින යාපනය වීරසිංහම් ශාලවේදී පැවති උත්සවයකදී එවකට ළමා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප‍්‍රකාශයට විරුද්ධව 2018.07.03 වන දින පිවිතුරු හෙළ උරුමය ඇතුලූ තවත් සංවිධාන ගණනාවක් පැමිණිලි කළ බවත් තම පැමිණිල්ලේ ඉතා පැහැදිළිව විජයකලාගේ ප‍්‍රකාශය ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 114,115 ,120 වගන්තීන් වලට වැටෙන වරදක් ලෙසත් එය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ 3 වන වගන්තිය යටතේ වන වරදක් ලෙසත්, ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 157 ව්‍යවස්ථාව එමගින් උල්ලංඝණය වන බවත්ල තම පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කළ බව ද හෙතෙම සඳහන් කළේය.
විශේෂයෙන්ම එල්ටී.ටී.ඊ සංවිධානය යළි පිහිට විය යුතු යැයි විජයකලා මන්ත‍්‍රීතුමිය කරන ලද ප‍්‍රකාශය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ 3 වන වගන්තිය යටතේ වන වරදක් බව පැහැදිළි යැයි කී දිසානායක මහතා එකී පනතේ . 1 වගන්තිය අනුව යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදීකම් වලට හෝ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සදහා පෙළඹවීම නොකළ යුතු යැයි ද එහි සඳහන් වන බව සිහිපත් කළේය.