(විනීතා එම් ගමගේ)
කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසුරුවා හැර එහි කාබනික පොහොර අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය.
මේසදහා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලැබුණු බව ද අමාත්‍යවරයා පැවැසුවේය.
එම අධිකාරිය පිහිටුවීමෙන් පසු මෙරට පොහොර භාවිතයෙන් 70% ක් කාබනික පොහොර බවට පත් කිරීම තම ඉලක්කය බව ද අලූත්ගමගේ මහතා කීය.
මෙරට පොහොර අවශ්‍යතාවයෙන් මේ වනවිටත් රටෙහි නිෂ්පාදනය වන්නේ 1 % පමණකැයි කී අමාත්‍යවරයා මේ සදහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 16.5 ක් ලබා ගන්නා බවත් එම මුදල් පොලියත් සමග ආපසු ගෙවීමට සූදානම් බවත් කීය.
මේ සම්බන්ධව මූලික කටයුතු කෙරීගෙන යන බවත් නව අධිකාරියේ කටයුතු ඉක්මණින් ආරම්භ කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

