‍මාස දෙකකදී විදෙස් රැකියා ජාවාරම්කරුවන් 24 ක් අත්අඩංගුවට


(යොහාන් භාසුර)

විදේශ රැකියා ලබා දෙන බවට පවසමින් මුදල් ගැනීම ඇතුළු නීති විරෝධි කටයුතුවල නිරතවීමේ චෝදනාව මත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය පසුගිය ජනවාරි සහ පෙබරවාරී යන මාස දෙක තුළ පමණක් පුද්ගලයින් 24 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

විදේශ සේවා විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිළි පදනම්කර ගෙන පසුගිය ජනවාරි මාසය පුද්ගලයින් 13 ක් ද, පෙබරවාරී මාසයේ පුද්ගලයින් 11 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් විදේශ රැකියා ක්ෂේත්‍රයේ නීතිවිරෝධී කටයුතු වැලැක්වීම සඳහා තරාතිරම නොබලා වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරයි.