ෆෝර්ට් සිටි සේවකයෝ කනස්සල්ලෙන්


කොළඹ ගාලු මුවදොර ෆොර්ට් සිටි ව්‍යාපෘතිය තාවකාලිකව නැවැත්වීම නිසා 945 දෙනකුට රැකියා නැතිවෙන බව එහි සේවකයෝ පැවසූහ.

ඔවුන් අද මාධ්‍යවේදීන් එහි කැඳවූහ.

එය අත්හිටුවීමෙන් ආර්ථික, සමාජීය බලපෑම් ඇති කරනවා පමණක් නොව ඔවුන්ගේ පවුලේ හා යැපෙන්නන්ට ද විශාල බලපෑමක් එල්ල කරන බව ඔවුහු කීහ.

මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාල ආයතනවලින් මාසයක් ගානේ ගත් තත්ත්ව සහතිකවලට අනුව පරිසර හානියක් නොවන බව දැක්වෙන්නේ යැයි ද සේවකයෝ පවසති.

 

_DSC0067 01mh P1000401 RDS_7681 RDS_7725 RDS_7749 RDS_7795 RDS_7805 RDS_7812 RDS_7824 RDS_7837 RDS_7845