ෆොන්සේකාට යළිත් සිතාසි


කොටි සැකකරුවන්  තිදෙනකු  හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට තැත් කළැයි නියන නඩුවේ සාක්කි දීමට සැප්තැම්බර්  23 වැනිදා  අධිකරණයේදී පෙනී සිටින ලෙස  හිටපු හමුදාපතිට දෙවැනි වරටත් සිතාසි නිකුත් කරන ලෙස  කොළඹ  මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය නියෝග කළාය.

 2006 අප්‍රේල් මාසයේ  යුද හමුදා මුලස්ථානයේදී ඔහු ඝාතනයට සැළසුම් කළැයි සෙල්වරාජා කිරුබාකරන් හෙවත් අලිනයාර් මොහොමඩ් නිස්තාර් ලතීෆ්,ශන්මුගම් සුරිය කුමාර් හා තම්බයියා  පී ධනුෂ් චෝදනා ලැබ සිටිති.

ෆොන්සේකාට සිතාසි බාර දී ඇතැයි රජයේ නීතීඥවරයා  අධිකරණයට දැන්වීය.