හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ඡන්ද අයිතිය ලබාදී ඇතැයි මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තු ආරංචි කියයි.
ඔහුට ඡන්ද අයිතිය ලැබුණු පුවත අසා ඔහුගේ උපන් ගම වන අම්බලන්ගොඩ තැන තැන රතිඤ්ඤා පත්තු කෙරිණි.
සරත් ෆොන්සේකා මහතාට අහිමි කර තිබූ ජනරල් නිලය ඇතුළු සියලු හමුදා නාම, පදක්කම් ආදී සියල්ල අද සිට යළි හිමිවේ.

