ෆොන්සේකාට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලති


සිය පක්ෂ සාමාජිකත්ව අහිමි කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරු තිදෙනෙක් එම පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු පක්ෂ බලධාරීන්ට එරෙහිව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් අද (22) ගොනු කළහ.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක දයාරත්න, දකුණු පළාත් සභා පද්මසිරි ද සිල්වා සහ වයඹ පළාත් සභා මන්ත්‍රී මල්හාමි රත්නායක ඔවුහුය.