ෆොන්සේකාගේ බෑණාගේ නඩුව විභාගයට


ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කළැයි ධනුන තිලකරත්නට එරෙහිව පවරා ඇති නඩුව දිගටම විභාගයට ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මියට අද දැනුම් දුන්නේය.

ධනූන තිලකරත්න, හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණාය.

නඩුවේ සාක්කි දීම සඳහා ජුනි හතර වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මේජර් ජනරාල් අශෝක බණ්ඩාර හා උපුල් ඉලංගමගේ මහත්වරුන්ට සිතාසි නිකුත් කැරිණි.