ෆොන්සේකාගේ තීරණේ උසාවියෙන් විසිවේ


පසුගිය ජනාධිපතිවරණ සමයේ පක්ෂයේ තීරණයට එරෙහි වෙමින් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීයැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා විසින් එහි පළාත් සභා මන්ත්‍රීන් තිදෙනකු පක්ෂයෙන්  ඉවත් කරනු ලැබීම නීති විරෝධී බව අභියාචනාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අද තීරණය කළේය.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක දයාරත්න, දකුණු පළාත් සභා මන්ත්‍රී පද්මසිරි ද සිල්වා හා වයඹ පළාත් සභා මන්ත්‍රී මල්හාමි රත්නායක ඔවුහුය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ,මැතිවරණ කොමසාරිස් ,එම පළාත් සභා ලේකම්වරු සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම විභාග කෙරුණේ විජිත් මළල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ හා එස්. එච්. මඩවල යන විනිසුරු මඩුල්ල හමුවේ ය.