හිටපු යුද හමුදාපති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත වී සිටි නමුත් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා ඡන්දයක දී ඔහු ඡන්දය දීමට නුසුදුස්සෙක් නොවේ.
එවැනි සිරදඬුවමක් ගත කළ අයකුට ජනපතිවරණයක දී, පාර්ලිමේන්තු මැතිවරණයකදී හා ජනමත විචාරණයක දී ඡන්දය දිය නොහැකි බව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියයි.
ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 88 වගන්තියේ ඈ ඡේදය මසේය.
‘යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතෙහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණෙයන් ම විඳ සිටිෙය් නම් නැතෙහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතෙහොත් එවැනි දණ්ඩන නියමයක් කියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීෙම් දඬුවමක් විඳිමින් සිටී නම් නැතෙහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණෙයන් විඳ සිටිෙය් නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝ පත් කිරීෙම් ඡන්ද විමසීමක දී ෙහෝ පාර්ලිෙම්න්තු මන්තීවරයන් ෙතෝරා පත් කිරීෙම් මැතිවරණයක දී ෙහෝ ඡන්ද හිමියකු වීමට ෙහෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට ෙහෝ සුදුස්ෙසක් ෙනොවන්ෙන් ය:‘

