(ලහිරු හර්ෂණ)
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වදහිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැය හතරක කාලයකින් අනතුරුව මීට සුළු මොහොතකට පිටව ගියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අද පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකින් අනතුරුව උදෑසන අමාත්‍යවරයා එහි ගියේය.
සිය පෞද්ගලික ආරක්ෂක නිලධරීන් සමඟ පැමිණ සිටි අමාත්‍යවරයා ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මීට සුළු වේලාවකට පෙර පිටව ගියේය.
කීත් නොයාර් මහතා පැහැරගෙන ගිය අවධියේ යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේ සරත් ෆොන්සේකා මහතා වන අතර මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුයේ දෙවැනි වතාවටය.
(36698)