ෆොන්සේකා වැට උඩ


ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රධාන කරුණු තුනක් සලකා බලන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියයි.

තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාද අවංක පොදු අපේක්ෂකයකුට සහයෝගය දෙනවාද එසේත් නැත්නම් එජාප අපේක්ෂකයාට සහාය දෙන ලෙස කර ඇති ඉල්ලීම සලකා බලනවාද යන්න එම කරුණු තුන බව ඔහු රාජගිරියේ මැටි අම්බලම පක්ෂ කාර්යාලයයේදී කීවේය.

මෙයින් කිසිම කාරණයක් ගැන තීරණයක් ගෙන නැතැයිද පක්ෂය සමග සාකච්ඡාකර තීරණයක් ගන්නේ යැයිද ඔහු කීවේය.