ෆොන්සේකා රජයට දෙහි කපයි


මෙරට දේශපාලන පක්ෂ 65ක් ඇතත් පක්ෂවලට ඡන්ද දායකයන් දහ දෙනකුවත් නැතැයි ද, නිදහසින් පසු වසර 65ක් රට පාලනය කළ කිසිම පක්ෂයක් රට දියුණු කළේ නැතැයි ද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ නායක හා හිටපු හමුදාති සරත් ‍ෆොන්සේකා මහතා බණ්ඩාරවෙලදී පැවසීය.

‘මේ රජය සම 2005 සිට මා වැඩ කළා. රජය බොරු පොරොන්දු දුන්නා. රට දැන් පිරිහෙනවා. ණය ගෙන පාරවල් හදනවා. පාරවල්වලින් කොමිස් ගහනවා. ණය බර ජනතාවටයි. අල්ලස, දූෂණය, හොරකම්, මැරකම් හැමතැනම. පාලකයන් මේවා හොයන්නේ නෑ.‘