ෆොන්සේකා මීරියබැද්දේදී අතීතයට යයි


‘‘මම වැඩ කළ රෙජිමේන්තුවේ අයමයි මෙතනත් ගොඩක් වැඩ කරන්නේ. මට ගෙදර ආවා වගේ හැඟීමක් ඇතිවුණා.” යැයි හිටපු යුද හමුදාපති හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා කොස්ලන්ද මීරියබැද්දේදී පැවසීය.

මීරියබැද්ද නාය ගිය ස්ථානය බැලීමටත් මියගිය අය වෙනුවෙන් ශෝකය පළ කිරීමටත් බේරුණු අයගේ සුවදුක් විමසීමටත් ඔහු  අද දහවල් එහි පැමිණියේය.

හමුදාව කැනීම් කරන ස්ථාන කිහිපයකටම ගොස් ඔවුන්ගේ සේවය අගය කළ ෆොන්සේකා මහතා තමන්ට අතීතය සිහිපත් වූ බවද කීවේය.

හමුදාව හා සුහද කථා බහකද යෙදුණු ෆොන්සේකා මහතා අවතැන් කඳවුරුවලට ගොස් සහනාධාරද බෙදා දුන්නේය.

100_4731 100_4734 100_4735