එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතා මිය යෑමෙන් හිස් වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩලය අද අනුමැතිය ලබා දුන්නේය.
එම යෝජනාවට කිසිම විරෝධතාවත් මතු නොවූ බව වැඩ බලන මහ ලේකම් ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා එසැණට කීවේය.

