ෆොන්සේකා පරණ නඩුවකින් නිදහස්


හමුදාවෙන් පළා ගිය සෙබළුන් දස දෙනෙකුට 2010 ජනාධිපතිවරණ සමයේ රැකවරණය දී ඔවුන් රාජපාක්ෂිත භාවයෙන් මුදා ගත්තැයි සැකපිට ඇප පිට සිටි හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා හා ඔහුගේ පෞද්ගලික සහකාර   සේනක හරිප්‍රිය සිල්වා කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

ඔවුන්ට එරෙහි සාක්කි සාධාරන සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත්වී යැයි මහාධිකරණ විනිසුරුවරිය ඔවුන් නිදහස් කරමින් ප්‍රකාශ කළාය.

හමුදාවෙන් පැන ගිය සෙබළුන් දස දෙනකුට වැටුප් හා දීමනා ගෙවමින් නීති විරෝධී ක්‍රියාවක් කළැයි චෝදනා 41ක් යටතේ ඔවුනට එරෙහිව නඩු පවරා තිබිණි.

නීතිපති විසින් පැවරුණු මේ නඩුවේ පැමිණිල්ලේ සාක්කි අද අවසන් විය. මහාධිකරණ විනිසුරුවරිය විත්තිය නොවිමසාම මහාධිකරණ විනිසුරුවරිය විසින් ඔවුහු නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

DSC_0095 DSC_0038 DSC_0015 DSC_0008