හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ පක්ෂය පළමුවතාවට මැතිවරණයකට මුහුණ දී තුන්වැනි බලවේගය බවට පත්ව සිටී.
මෙතෙක් එම තත්ත්වය හිමිකරගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණ දැඩි සෝදාපාළුවකට ලක් වී ඇත.
ෆොන්සේකාගේ පක්ෂය මධ්‍යම පළාතෙන් ඡන්ද 45239ක් ලබාගෙන ආසන දෙකක් හිමිකරගෙන සිටී. ජනතා විමුක්ති පෙරමුණට හිමිව ඇත්තේ ඡන්ද 13887කි.
වයඹ පළාතෙන් 46114ක් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන තුනකට හිමිකම් කියයි.
ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 19624කි. ලැබුණු අසාන සංඛ්‍යාව එකකි.
2009 පළාත් සභා ඡන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යම පළාතෙන් ඡන්ද 15416 ක් (2013 හා සසඳන විට ඡන්ද 1529ක අඩුවකි.) ලබා ගෙන ඇත. එවර ද ආසනයක් හිමිව ඇත.
2009 පළාත් සභා ඡන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණ වයඹ පළාතෙන් ඡන්ද 20428ක් (2013 හා සසඳන විට ඡන්ද 804ක අඩුවකි.) ලබා ගෙන ඇත. එවර ද හිමිව ඇත්තේ එක් ආසනයක් පමණි.