ෆොන්සේකා ජාතික ආරක්ෂාව කමිටුවෙන් ඉවත් වෙයි


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

ඒ අනුව එම පුරප්පාඩුවට තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායකවරයා කීවේය.