කැලණිය රටේ දුෂිත පාලනයට ලක් වු ප්‍රදෙසක් නිසා රට බේරා ගැනීමේ සටන කැලණියෙන් අරඹන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා කැළණිය රජමහා විහාර වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පැවසීය.
බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ මංගල රැස්වීම කිරිබත්ගොඩින් අරඹන බවද ෆොන්සේකා කීවේය.
කැලණිය රජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝ රඛිත හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ෆොන්සේකා ඇතුළු අපේක්ෂකයනට සෙත් පැතුහ.

