ෆොන්සේකයි රංගෙයි රනිල් පතුරු ගසති


රට සූරා කන දූෂිත දේශපාලනයට එරෙහි වීමට ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට කොන්දක් හෝ පණ නැතැයි  හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කුලියාපිටිය අස්වැද්දුමේදී පැවසීය.

‘අද රටේ ඇත්තේ නාමික ප්‍රජාතන්ත්‍රවාදයක්. ඡන්දයකදී කතිරය ගැසීමට පමණක් ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදයක්. ඉදිරියේදී ඒකත් අහිමි වී යාවි. අධිකරණයේ ස්වාධීනත්වය අද දේශපාලනයට යට වෙලා. රට කරවන නායකයන්ගේ විනෝදාංශය පළිගැනීමයි.‘

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත රංගෙ බන්ඩාර මහතා කතා කරමින් එක්සත් ජාතික පක්ෂයට ආකර්ශනීය නායකයකු අවශ්‍ය බවත්, සරත් ෆොන්සේකා පක්ෂයට බඳවා ගත යුතු බවත්, පක්ෂ නායකත්වයට පන ඇති කොන්දක් ඇති කෙනකු අවශ්‍ය බවත් කීවේය.